Presidential Secretariat of Sri Lanka

ද නිව්ස් පේපර් චිත්‍රපටයේ විශේෂ දර්ශනය නැරඹීමට ජනපති හා අගමැති එක්වෙති

“ද නිව්ස් පේපර්” චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්වෙති.

කොළඹ One Galleface – PVR සිනමාශාලාවේදී චිත්‍රපටය ඊයේ (28) පස්වරුවේ ප්‍රදර්ශනය කෙරිණ. සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර මහත්වරුන්ගේ සම අධ්‍යක්ෂණයක් වූ “ද නිව්ස් පේපර්” චිත්‍රපටයෙහි සම නිෂ්පාදනය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරි මහත්වරුන්ගෙනි.

ජුලි 02 වනදා සිට දිවයිනේ සියලුම සිනමා ශාලාවල “ද නිව්ස් පේපර්” චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර එදින උදේ 10.30  ප්‍රථම දර්ශනය නොමිලේ නැරඹීමට  ජනතාවට අවස්ථාව සලසා තිබේ.

කොවිඩ් මර්දනයට සහාය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ මාධ්‍යවේදීන්ට ද තම නිල හැඳුනුම්පත භාවිත කරමින් එක් වතාවක් සිනමා පටය නොමිලේ නැරඹීය  හැකිය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් විශේෂ දර්ශන වාරය නැරඹීමට එක්ව සිටියහ.

පුවත්

Most popular