Presidential Secretariat of Sri Lanka

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1423 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1423 ඉක්මවා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය රුපියල් 361,438.32ක්, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා (HDFC) බැංකුව රුපියල් 1,200,000ක්, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය රුපියල් 100,787.40ක්, NSB Fund Management Co.Ltd රුපියල් 1,000,000ක්, Sri Lanka Savings Bank Ltd රුපියල් 1,000,000ක්, ඩී.එම්.එම්. දිසානායක මහත්මිය රුපියල් 5,000ක්, සනත් සඳසිරි පතිරණ මහතා රුපියල් 5,000ක් සහ Marzook Morita Saara දියණිය රුපියල් 4,030ක් අරමුදලට පරිත්‍යාග කළහ. ඊට අදාළ චෙක්පත් අද (01) ජනාධිපති කාර්යාලයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙන ලදී.

සී/ස මාතලේ සමූපකාර ප්‍රාදේශීය ග්‍රාමීය බැංකු සමිතිය රුපියල් 500,000ක් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් 4,420,158.36 ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අදාළ චෙක්පත් භාර දුන්නේය.

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය පරිත්‍යාග කළ රුපියල් 300,000 ට අදාළ චෙක්පත ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.

ලේල්වල බන්ධුසේන ගුරුගේ මහතා රුපියල් 50,000 පරිත්‍යාගය සඳහන් චෙක්පත ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය.

ජේ.ඒ.ඩී. ඇනස්ටා මහත්මිය රුපියල් 25,000ක්, නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය රුපියල් 30,000ක්, මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල රුපියල් 102,500ක්, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය රුපියල් 108,891.13ක්, ආචාර්ය පූජ්‍ය හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර මාහිමි පදනම රුපියල් 50,000ක්, ද්‍රවිඩ කලාකරු සංගමය රුපියල් 20,000ක්, Friends Lanka Child Foundation රුපියල් 600,000ක්, එල්.ජී. පීටර් මහතා රුපියල් 5,000ක්, එල්. සචිදානන්දන් මහතා රුපියල් 2,000ක් සහ කේ.එස්.කේ. විජේරත්න මහතා රුපියල් 35,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,423,421,045.71 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

පුවත්

Most popular