Presidential Secretariat of Sri Lanka

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගුරු හිඟය සහ පාසල්වල අඩු පාඩු ජනපති අවධානයට

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු හිඟය සහ වෙනත් අඩු පාඩු පිළිබදව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කරති.

ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාසල්වල පවතින අඩු පාඩු පිළිබඳ පූර්ණ වාර්තාවක් තමාට ලබා දෙන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (05) පස්වරුවේ පොළොන්නරුව අත්තනකඩවල ප්‍රදේශයේ පැවති ජන හමුවට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

කුඩා පරිමාණව මැණික් ගැරීමේ නිරත ඇලහැර ජනතාවට පරිසරයට හානි නොවන අයුරින් සිය කර්මාන්තය කරගෙන යාමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. මේ ජන හමුව අපේක්ෂක අමරකීර්ති අතුකෝරළ මහතා විසින් සංවිධාන කර තිබිණ.

හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පොළොන්නරුව බැඳිවැව,  හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ගිරිතලේ සහ ජී.ජී. චන්ද්‍රසේන මහතා මැදිරිගිරිය, වටදාගෙය අසළ සංවිධාන කර තිබූ ජන හමුවලට ද සහභාගී වූ ජනාධිපතිතුමා ජනතාවගේ තොරතුරු විමසීය.

Most popular