Presidential Secretariat of Sri Lanka

“දැයට එළිය” විදුලි වැඩසටහන ජනපති අතින් ඇරඹේ

විදුලි බල පහසුකම් නැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන අද (06) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ගිරිබාව, වේරගල ගම්මානයේ දී “ගම සමග පිළිසඳරට” සමගාමීව ආරම්භ කෙරිණ.

“දැයට එළිය” වැඩසටහන මගින් විදුලිය නැති සමෘද්ධිලාභී සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින සියලු අඩු අදායම් ලාභි ජනතාවට විදුලිය සැපයේ.

විදුලි බල මණ්ඩලය නොමිලයේ විදුලි බල සබඳතාව ලබා දෙයි. නිවස වයරින් කිරීමට සමෘද්ධි බැංකුව සහන පොලියට ණය පහසුකම් සැපයීමට සැලසුම් කර තිබේ.

මේ වසර අවසානයට පෙර හඳුනාගත් සියලු නිවාසවලට විදුලිය දීමට රජය අපේක්ෂා කරයි.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

පුවත්

Most popular