Presidential Secretariat of Sri Lanka

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී ….

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.

ශ්‍රී දළදා මාළිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබිණ.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (22) වීථි සංචාරය කෙරුණු අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිණිය  මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට පෙරහර නැරඹීමට එක් වූහ.

පුවත්