Presidential Secretariat of Sri Lanka

ඊජිප්තු තානාපති ජනපති හමුවෙයි…

සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඊජිප්තු තානාපති හුසේන් අල් සහාර්ටි මහතා (Hussein El Saharty) අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

ඊජිප්තු සිවිල් සංවිධාන සම්බන්ධීකාරකවරයෙකු ලෙස නව පත්වීම් ලබා ඇති තමා, ශ්‍රී ලංකාව සමග සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉදිරියටත් ක්‍රියාකරන බව පැවසීය. දෙරට අතර ආරක්ෂක සබඳතා සහ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කරගැනීමේ අවශ්‍යතාව හුසේන් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඊජිප්තු තානාපතිවරයා ලෙස හුසේන් මහතා මෙරටට ලබාදුන් සේවය ජනාධිපතිතුමා විසින් ඇගයීමට ලක් කෙරිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ඊජිප්තු තානාපති කාර්යාලයේ උපදේශක කරීම් අබුලෙනයින් (Karim Abulenein) යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular