Presidential Secretariat of Sri Lanka

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (29) පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් මෙලෙස අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර තිබේ.

නමුත් ඊයේ පැවති  පාර්ලිමේන්තු අයවැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන්  කළේ පළාත් සභා තුළ දිස්ත්‍රික් සංවර්ධන කමිටු (DDC) පිහිටුවීමට සූදානම් බවයි.

ඒ හැර පළාත් සභා විසුරුවා හැරීමක් පිළිබඳ ජනාධිපතිවරයා කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වන්නේ ගනු ලබන විධායක තීරණ ක්‍රියාත්මක කිරීමේ දී රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර නිවැරදි  සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට වේදිකාවක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටු ක්‍රියාත්මක වනු ඇති බවයි.

ඒ හරහා සංවර්ධන ක්‍රියාවලිය විධිමත්ව සිදුකිරීමට අවස්ථාව හිමිවන අතර මූල්‍ය හානි හා ප්‍රමාදයන් ද වළක්වා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

පුවත්