Presidential Secretariat of Sri Lanka

ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කෙරේ

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ මහ ලේකම් ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ගුණ සැමරුමට සමගාමීව විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම සමරු මුද්දරය සහ මුල් දින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක කරු ජයසූරිය, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරු වෙත සහ ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ බිරිඳ වන රාජලක්ෂ්මි තොණ්ඩමන් මහත්මිය වෙතද සමරු මුද්දරය සහ මුල්දින කවරය පිළිගැන්වීම සිදු විය.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් සහ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල, ඩග්ලස් දේවානන්දා, මහින්ද අමරවීර, නසීර් අහමඩ්, මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ, සී.බී. රත්නායක යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පි. සත්කුමාර මහතා සහ ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular