Presidential Secretariat of Sri Lanka

විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය

විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය යනු කුමක්ද?

විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය යනු රට තුළ සිවිල් සමාජය සමඟ හවුල්කාරීත්වයෙන් සහ එකිනෙකාගේ අත්දැකීම්වලින් ඉගැනුමෙන් පාරදෘශ්‍යතාව නංවාලීම, පුරවැසියන් බලගැන්වීම, දූෂණයට එරෙහිවීම සහ රාජ්‍යයයන් සවිබලගැන්වීම සඳහා නව තාක්ෂණය යොදාගැනීමට කැපවනු පිණිස රාජ්‍යයන් දිරිගැන්වීමේ බහුපාර්ශ්වීය මූලාරම්භනයකි. මේ විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය 2011 සැප්තැම්බර් මස 20 වැනි දින විධිමත්ව දියත් කරනු ලැබූ අවස්ථාවේ දී ආරම්භක රාජ්‍යයයන් 08ක් (බ්‍රසීලය, ඉන්දුනීසියාව, මැක්සිකෝව, නෝර්වේ, පිලිපීනය, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය) විසින් විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව ප්‍රකාශනය අනුමත කරලමින් ස්වකීය රටවල්හි ක්‍රියාකාරී සැලසුම් ප්‍රකාශයට පත් කරන ලදී. වත්මන්හි සාමාජික රටවල් 70කින් සමන්විත වන විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයෙහි සාමාජිකත්වය ලබාගත හැක්කේ ආරාධනයෙනි.

ශ්‍රී ලංකාව සහ විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය

විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයට බැ‍ඳෙන ලෙස 2015 ඔක්තොම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට ඇරයුම් කෙ‍රිණි. 2015 ඔක්තෝම්බර් මාසයේ දී මෙක්සිකෝවේ පැවති විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුවට ඇරයුම් ලද ශ්‍රී ලංකාව එහි දී එම ප්‍රකාශනය අනුමත කළෙන් විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයෙහි සහභාගී රටක් බවට පත් විය. එවකට අධිකරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ නියෝජිත පිරිසෙහි නායකත්වය දැරීය.

විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය ක්‍රියාත්මක වනුයේ කෙසේද?

විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයට සහභාගී වන සියලුම රටවල් විසින් සිවිල් සමාජය සමඟ සහභාගීත්වයෙන් යහපාලන මූලාරම්භනයන් ක්‍රියාත්මක කරලනු පිණිස ද්වීවාර්ෂික ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කළ යුතු වෙයි. විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව මාර්ගෝපදේශ ප්‍රකාර මතු දැක්වෙන හර අගයන් පාදක කරගනිමින් පුරවැසියන්ගේ සහ සිවිල් සමාජයෙහි ක්‍රියාකාරී සහභාගීත්වයෙන් බහු පාර්ශ්වකාරී ක්‍රියාවලියක් හරහා ජාතික ක්‍රියාකාරී සැලසුම් සම්පාදනය කළ යුතු වන්නේය.

• තීරණයකින් බලපැමට ලක්වෙන තැනැත්තන්හට තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි නියැළීමට අයිතියක් ඇතැයි යන විශ්වාසය මත පාදක වූ මහජන
සහභාගීත්වය.
• මහජන සහභාගීත්වයට, තීරණ ගැනීම කෙරෙහි මහජන ලබා දෙන දායකත්වය බලපානු ඇතැයි යන පොරොන්දුව ඇතුළත් වෙයි.
• මහජන සහභාගීත්වයෙන් තීරකයින් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා සහ ලැදියාවන් පිළිගැනීමෙන් සහ සන්නිවේදනය කිරීමෙන් තිරසර
තීරණයන්ට එළඹීම අවධාරණය කෙරේ.
• මහජන සහභාගීත්වයෙන් අර්ථාන්විත අයුරින් සහභාගී වනු පිණිස සහභාගීවන්නන්හට අවැසි තොරතුරු සැපයීම කෙරේ.
• මහජන සහභාගීත්වයෙන් සහභාගීවන්නන්ගේ යෙදවුම් තීරණය කෙරෙහි බලපා ඇත්තේ කෙබඳු අයුරින් දැයි ඔවුනට සන්නිවේදනය කෙරේ.

පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2016-2018)

මෙම පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නංවාලීම 2016 ඔක්තොම්බර් මස 11 වැනි දින අමාත්‍ය මණ්ඩඩලය විසින් අනුමත කෙ‍රිණි.

විවෘත රාජ්‍ය සහභාගීත්වය පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්මට පහත සඳහන් සම්බන්ධතාවන් හරහා පිවිසිය හැකිය.

සිංහල අනුවාදය
විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව ජාතික සැලැස්ම (2016-018)

දමිළ අනුවාදය
විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව ජාතික සැලැස්ම (2016-018)

ඉංග්‍රීසි අනුවාදය
විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව ජාතික සැලැස්ම (2016-018)

දෙවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම

පූර්වයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් කරනු ලැබූ විවෘත රාජ්‍ය සහභාගීත්වය අධීක්ෂණය කිරීම පසුව 2018 අප්‍රේල් මාසයේ දී ජනාධිපති කාර්යාලයේ විෂයපථය යටතට ගනු ලැබීය. ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ඊළඟ දෙවසරක ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්පාදනය කිරීමේ කාර්යයන්හි දැනට නියැළෙමින් ඇත.

අවැසි තොරතුරු එක්රැස් කරගනු පිණිස මතු දැක්වෙන දිස්ත්‍රික්කයන් හි මහජන විමසීම් පැවැත්වීමට විධිවාධාන යොදනු ලැබ ඇත.

• කොළඹ
• යාපනය
• පුත්තලම
• ත්‍රිකුණාමලය
• මහනුවර
• කෑගල්ල
• අනුරාධපුරය
• ගාල්ල
• බදුල්ල

දෙවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනුයේ නම් ogp.progress@presidentsoffice.lk යන විද්‍යුත් ලිපිනයට එසේ ඉදිරිපත් කළ හැකිය.

පුවත්

Most popular