Presidential Secretariat of Sri Lanka

ජනපති නම භාවිත කර ජනතාව මුලා කරන්නන්ට දැඩි පියවර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිට මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට බලපෑම් කළ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

ඔහු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විටත් පරීක්ෂණ අරඹා ඇත.

අදාළ සිදුවීම පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය මඟින් ද වාර්තා කර තිබුණි.

ජනාධිපතිතුමා සමඟ සමීප සබඳතා පවතින බව අඟවමින් ජනතාව මුලාකර අයුතු බලපෑම් කිරීමේ නිරත පුද්ගලයන් ඇතොත් වහාම පොලීසියට දැනුම් ලෙස ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටී.

පුවත්