Presidential Secretariat of Sri Lanka

ජනපති ඩෙංගු මර්දන සහයක උද්ඝෝෂණකරුවන් හමුවට …

සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටී ස්ථානයට අද (07) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.

උද්ඝෝෂණය ජනාධිපති කාර්යාලය ආසන්නයේ ගාලු මුවදොර ක්‍රීඩාංගණය අභියස වෙන් කර තිබු ප්‍රදේශයේ ඊයේ (06)  සිට පැවැත්විණි.

2017 වසරේ සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ තම සේවයට ස්ථාවර භාවයක් ලබාදෙන්නැයි  ඕව්හු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

බහුකාර්ය කාර්ය සාධක බලකාය මගින් ලබාදීමට අපේක්ෂිත රැකියා ලක්ෂය යටතේ 1300ක් පමණ වන මේ පිරිසට ද රැකියා සපයන බව ජනාධිපතිතුමා පැවසීය.

මෙවැනි උද්ඝෝෂණයක් අතරට පැමිණි මෙරට පළමු සහ එකම පාලකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට පූර්ණ සහාය දෙන බව උද්ඝෝෂකයෝ ප්‍රකාශ කළහ.

 

 

මොහාන් කරුණාරත්න,
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

පුවත්

Most popular