Presidential Secretariat of Sri Lanka

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1386 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1386 ඉක්මවා තිබේ.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ කාර්ය මණ්ඩලය රුපියල් 2,000,000ක්ඩබ්.එම්ඉෂිනි ටෙක්ලා වර්ණසූරිය දියණිය රුපියල් 6,300ක්එච්.ආර්ආරියවංශ මහතා රුපියල් 500ක්අනුරාධපුර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.ඩබ්ප්‍රේමදාස මහතා ඔහුගේ මාස තුනක දීමනාව වන රුපියල් 88,825ක්,  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලය රුපියල් 2,500,000ක් සහ Sri Lanka Association of Inbound Tour Operators ආයතනයේ සාමාජිකයන් රුපියල් 1,000,000 ක් වශයෙන් අරමුදලට කළ පරිත්‍යාග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද (17) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

පානදුර ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලීය ආදී ගුරුවරුන් රුපියල් 325,000ක්Ocean Lanka (Private) Limited ආයතනය රුපියල් 1,000,000ක්ඩී.පී.ජේරේණුකා මිය රුපියල් 2,121ක් U P Building Construction ආයතනය රුපියල් 400,000ක්එස්.ධර්මසේන මහතා රුපියල් 100,000ක්මහන්ග සමරසිංහ මහතා රුපියල් 200,000ක් සහ රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ ජපානයේ සිට පැමිණි පිරිස රුපියල් 47,500ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,386,634,166.06 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිතිචෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

පුවත්