Presidential Secretariat of Sri Lanka

පොදුජන පෙරමුණේ ජය සහතික කරනු පිණිස ජනපති හෙට (11) මහනුවර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කරමින් හෙට (ජූලි 11) මහනුවරට යයි. මහ මැතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කරනු පිණිස ජනාධිපතිතුමා මහනුවර දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට ද සහභාගී වෙයි.

ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් හෙට (11) දවස පුරා දිස්ත්‍රික්කය තුළ සංවිධාන කර ඇති ජනහමු මෙසේය.

අනු අංක. වේලාව ස්ථානය / විස්තරය සංවිධායක
01. පෙ.ව. 09.50 නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය මහින්දානන්ද අළුත්ගමගේ මහතා
02. පෙ.ව. 10.00 –පෙ.. 10.15 නාවලපිටිය බස් නැවතුම්පල ඉදිරිපිට මහින්දානන්ද අළුත්ගමගේ මහතා
03. පෙ.ව. 10.45 –පෙ.. ‍11.00 නිදහස් මාවත අසල පරිශ්‍රය අනුරාධ ජයරත්න මහතා
04. පෙ.ව. 11.15 –පෙ.ව. 11.30 දවුලගල අලපලාවිල ක්‍රීඩාංගණය ආදම් ෆාරිස් මහතා
05. ප.ව. 12.00 –ප.ව. 12.15 කඩුගන්නාව නගර සභා ක්‍රීඩාංගණය අසල(සුනිල් අබේසුන්දර ක්‍රීඩාංගණය) ආනන්ද අළුත්ගමගේ මහතාසරත් ඒකනායක මහතා

වසන්ත යාපා බණ්ඩාර මහතා

06. ප.ව. 12.30 –ප.ව. 12.45 ම්ලෙස්නා ටී සෙන්ටර් වසන්ත යාපා බණ්ඩාර මහතා
07. ප.ව. 02.45 –ප.ව. 03.00 බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට පරිශ්‍රය දිලුම් අමුණුගම මහතා
08. ප.ව. 03.30 –ප.ව. 03.45 අම්පිටිය මහජන ක්‍රීඩාංගණය දිලුම් අමුණුගම මහතා
09. ප.ව. 04.00 –ප.ව. 04.15 තලාතුඔය බස්නැවතුම් අසල මහින්දානන්ද අළුත්ගමගේ මහතා
10. ප.ව. 04.55 –ප.ව. 05.10 ගලහ නගරය, හින්දු කෝවිල අසල ක්‍රීඩාංගණය බර්ටි අරුල්ස්වාමි මහතා

පුවත්

Most popular