Presidential Secretariat of Sri Lanka

නව නාවික හමුදාපති ජනපති අතින් පත්වීම් ලබයි

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ශ්‍රී ලංකාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කර තිබේ.

අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව නාවික හමුදාපතිවරයා ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා 1985 වසරේදී ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්විය. 1987 වසරේ දි උප ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරියට පත් උළුගේතැන්න මහතා 2015 වසරේදී රියර් අද්මිරාල් ධූරයට පත් කෙරිණ.‍

නව පදවියට පත්වීමට පෙර උළුගේතැන්න මහතා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරය හෙබවීය. ඔහු  නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් ද සේවය කර ඇත.

නිශාන්ත උළුගේතැන්න මහතා රණශූර, විශිෂ්ට සේවා විභූෂණ, උත්තම සේවා ආදි පදක්කම් රුසකින් පිදුම් ලබා තිබේ.

පුවත්

Most popular