Presidential Secretariat of Sri Lanka

ජනපති අටමස්ථානය වැඳ ආශිර්වාද ලබා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඓතිහාසික අනුරාධපුරයේ අටමස්ථානය වැඳ ආශිර්වාද ලබා ගනී.

අද (11) පස්වරුවේ අනුරාධපුරයට ගිය ජනාධිපතිතුමා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස නායක හිමියන් බැහැ දැක පිළිසඳරක නිරතවිය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාවගෙන් තොරතුරු විමසීය.

ඓතිහාසික රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් සමග ද කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිතුමා රුවන් වැලි මහා සෑ රඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

පුද බිමෙහි රැස්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිතුමා කතා බහ කළේය.

ජනාධිපතිතුමා ජේතවන විහාරාධිකාරී පූජ්‍ය හල්මිල්ලෑවේ රතනපාල හිමියන් බැහැ දැක ආශිර්වාද ගෙන ආගමික වතාවත්වල නිරත වූයේය. ජේතවන විහාරයේ සංරක්ෂණ කටයුතු කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණ.

අභයගිරිය විහාරයට ගිය ජනාධිපතිතුමා විහාරාධිකාරී පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමියන්ගේ සුව දුක් විමසීය.

අභයගිරි විහාරය වැඳ පුදාගත් ජනාධිපතිතුමා විහාරයේ සංවර්ධන කටයුතුවල වත්මන් තත්ත්වය සොයා බැලීය.

පුවත්

Most popular