Presidential Secretariat of Sri Lanka

රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවකට ජනතාව ජනපතිට බලය දී තිබෙනවා – මහා සංඝරත්නය පෙන්වා දෙති

රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බහුතර බලයක් දී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දෙති.

ජනතා අපේක්ෂාව පියවරින් පියවර ඉටු කරමින්  ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිතුමා යන ගමන දෙස මහත් සතුටින් බලා සිටින බව උන්වහන්සේ පැවසූහ.

ඓතිහාසික අනුරාධපුරය අටමස්ථානය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිතුමා අද (12) පෙරවරුවේ ලංකාරාමය, මිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේ විහාරාධිකාරී හිමිවරු මේ බව කියා සිටියහ.

ලංකාරාම විහාරයට ගිය ජනාධිපතිතුමා  විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය. විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා පූජා භූමියට පැමිණ සිටි බැතිමතුන් සමග කථා බහක නිරත වූයේය.

ජනාධිපතිතුමා, මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට ගිය ජනාධිපතිතුමා පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රි පඤ්ඤානන්ද හිමියන් බැහැ දැක සුව දුක් විමසීය.

පුවත්

Most popular