Presidential Secretariat of Sri Lanka

ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගියේය.

2021 අය වැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සභා ගර්භය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි රැඳී සිටිමින්  විවාදයට සවන් දුන්නේය.

නව පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය ඇමතීමෙන් පසු ජනාධිපතිතුමා සභාවේ අසුන් ගත් පළමු අවස්ථාව මෙයයි.

පුවත්

Most popular