Presidential Secretariat of Sri Lanka

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට – ජනපති අවසන් ගෞරව දක්වයි

අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ අපවත් වී වදාළ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (29) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.

කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ තැන්පත් කර තිබූ පූජ්‍ය ආනන්ද හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිතුමා අමාත්‍ය සරත් වීරසේකර මහතාටත්, උන්වහන්සේගේ පවුලේ ඥාතීන්ටත් සිය සාතිශය සංවේගය පළ කළේය.

ප්‍රසිද්ධ ධර්ම දේශකයෙකු  වූ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියෝ ඊයේ (28) උදෑසන අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 78 වන වියෙහි පසු වූහ.

ගිහි ජීවිතයේ දී යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකු සහ  පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු නමින් ආනන්ද වීරසේකර විය. පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ වැඩිමල් සොහොයුරා ද වේ.

2007 වසරේ මැයි මාසයේ බුද්ධංගල ආනන්ද නමින් පැවිදි වූ උන්වහන්සේ ධර්ම ග්‍රන්ථ රැසක් රචනා කර ඇති අතර පරිවර්තන කෘති කිහිපයක් ද එළි දක්වා තිබේ.

පුවත්

Most popular