Presidential Secretariat of Sri Lanka

දිවංගත අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජනපති හමු වෙයි

නිට්ටඹුව ප්‍රදේශයේ මැයි 09වනදා සිදුවූ සිදුවීමෙන් මිය ගිය පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

අදාළ සිදුවීම පිළිබඳ සිය බලවත් කණගාටුව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු අවශ්‍ය ඕනෑම උපකාරයක් ඇත්නම් තමා වෙත දැනුම් දෙන ලෙස ද ඔවුන්ට පැවසීය.

තමා පෞද්ගලිකව හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් රජයෙන් කෙරෙන ප්‍රදානයන් යටතේ ඕනෑම උපකාරයක් එම දරුවන්ගේ අනාගතයත් පවුලේ සුබසාධනයත් වෙනුවෙන් ලබාදීමට සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය .

මේ අතර අදාළ සිදුවීමෙන් මිය ගිය අමරකීර්ති අතුකෝරාළ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිලධාරියා වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ද පසුගියදා ජනාධිපතිවරයා අතින් සිදු විය.

පුවත්

Most popular