Presidential Secretariat of Sri Lanka

පවතින අර්බුදය විසඳන, ආර්ථික රටාව වෙනස් කරන අතුරු අය වැය පාර්ලිමේන්තුවට

පවතින අර්බුදය විසඳමින් රටේ ආර්ථික රටාව වෙනස් කරලීම සඳහා මූලික පදනම සකස් කරන 2022 අතුරු අය වැය මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (30) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ලෝකයට ගැළපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික පදනම ලෙස ජනාධිපතිවරයා එම අය වැය හඳුන්වා දුන් අතර ලබන වසරේ (2023) අය වැය මගින් නව ආර්ථිකයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය අරම්භ කරන බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය, “මේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා අප සිදු කළ යුතු මූලික කාර්යයක් වන්නේ සාම්ප්‍රදායික දේශපාලන මතිමතාන්තරවලින් බැහැර වී, මහපොළොවේ යථාර්ථයත්, ගෝලීය පරිසරයත් ගැන මැදිහත් සිතින් විමසා බැලීමයි.

ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා මෑතකදී කළ ප්‍රකාශයක් මම උපුටා දක්වන්නට කැමතියි. “රජය කරන්න ඕනේ ප්‍රතිපත්ති හදන එක, රජයක් තියෙන්නෙ ව්‍යාපාර කරන්න නෙවෙයි”. මෙන්න මේ අයුරින් අලුත් ලෝකයේ අලුත් ප්‍රවණතාවයන්ට අනුව, අලුත් සිතුවිල්ලෙන් අපේ සිත් පෝෂණය කරන්න හැකිනම්, අපට ආර්ථික අර්බුදය විසඳා ගන්න පුළුවන්” 2025 වසර වන විට ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් ගැනීම, ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නංවා ගැනීම, රාජ්‍ය ණය පාලනය කර ගැනීම ඇතුළු ප්‍රමුඛ ඉලක්ක සපුරා ගැනීමට මෙම අතුරු අයවැය අඩිතාලමක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා සඳහන් කළේ, ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ රටත් ජාතියත් ගොඩනැංවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියහොත් 2048 වසරේදී ශ්‍රී ලංකාව සියවන නිදහස් සංවත්සරය සමරන විට පූර්ණ සංවර්ධිත රටක් බවට පත්වීමට හැකියාවක් ඇති බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ අතුරු අය වැය කතාවේ සාරාංශය පහත දැක් වේ.

 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 8.2% සිට 15% දක්වා වැඩි කිරීම
 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%කට වඩා වැඩි ප්‍රාථමික අය වැය අතිරික්තයක් ළගා කර ගැනීම‍
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ අතුරු අය වැය කතාවේ සාරාංශය පහත දැක් වේ.

 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 8.2% සිට 15% දක්වා වැඩි කිරීම
 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%කට වඩා වැඩි ප්‍රාථමික අය වැය අතිරික්තයක් ළගා කර ගැනීම‍

 උද්ධමනය තනි ඉලක්කමක මැදි අගයක් දක්වා නැවත ගෙන ඒම
 සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන ශක්තිමත් කිරිම සඳහා වූ ප්‍රතිපාදන වෙන් කිරීම
 රාජ්‍ය වියදම් ක්‍රමවේදය ක්‍රියාත්මක විය යුතු අයුරින් ක්‍රියාත්මක වන බව තහවුරු කිරීමේ වගකීම දරණ, අමෙරිකා එක්සත් ජනපදයේ පවතින අධීක්ෂණ ජනරල් ක්‍රමය වැනි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම
 මහජනතාව වෙත ලබාදෙන සේවාවන් පහසු කිරිම හා කාර්යක්ෂම කිරීම සඳහාත් අදාළ ආදායම් කඩිනමින් එක්රැස් කර ගැනීම සඳහා මාර්ගගත සේවා පහසුකම් ලබාදීම
 2022 වසර අවසන්විමට පෙර සියළුම පළාත් පාලන ආයතනවල මාර්ගගත ආදායම් රැස්කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම
 රාජ්‍ය සේවයේ කාර්යන් සඳහා විදුලිය මඟින් ක්‍රියාත්මක වන වාහන පමණක් යොදා ගැනීම
 ආරක්ෂක අංශවල දැනුම හා හැකියාවන් දියුණු කිරිම සඳහා ‘ජාතික ආරක්ෂාව 2030‘ ආරක්ෂක උපායමාර්ග සමාලෝචනයක් සිදු කිරීම
 මහා පරිමාණයේ පාඩු ලබන රජය සතු ව්‍යවසායකයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීම
 රාජ්‍ය මූල්‍ය රීති ඇතුළත් වන රාජ්‍ය මුදල් කළමනාකරණ පනතක් සම්පාදනය කිරීම
 රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේ දී පවතින ගැටලු සමීපව කටයුතු කිරීම සහ යෝජනා ඉදිරිපත් කිරිමට ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක් පිහිටුවීම
 රාජ්‍ය ආයතනවල අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කිරිමට (Comptroller General) කොම්ප්ට්‍රෝලර් ජනරල්වරයෙක්
 ජාතික ණය කළමනාකරණ ආයතනක් පිහිටුවීම (National Debt Management Agency)
 රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික ආයතනයක් පිහිටුවීම (National Agency For Public Private Partnership)
 නව නීති මඟින් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ දේශපාලනීකරණවීම වැළැක්වීම
 රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20% ක ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත්කරුවන්ට හා සේවකයන් වෙත ලබාදීම
 ගැබිණි මව්වරුන් සඳහා ලබාදෙන රුපියල් 20,000ක දීමනාවට අමතරව, රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීම
 ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් සඳහා එක් පවුලකට මාසිකව රුපියල් 10,000ක් බැගින් ලබාදීම
 කුඩා ධිවර යාත්‍රා හිමියන් සඳහා සහ වතුකර ප්‍රදේශයන්හි ජනතාවට භූමිතෙල් සහනාධාර
 ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ස්ථාවරභාවය ප්‍රතිස්ථාපනය කිරිම සඳහා රුපියල් බිලියන 133ක්
 මාසික සමෘද්ධි සහනාධාරය රුපියල් 5000 – 7500 අතර ප්‍රමාණයකින් වැඩිකිරීම
පොරොත්තු ලේඛනයේ සිටින පිරිසට රුපියල් 5000ක තාවකාලික දීමනාවක් ලබාදීම
 වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ආධාර ලබන පුද්ගලයින් වෙත ගෙවනු ලබන දීමනාව, මසකට රුපියල් 5000 සිට රුපියල් 7500 අතර ප්‍රමාණයකින් වැඩිකිරීම. පොරොත්තු ලේඛනයේ සිටින පිරිසටත් රුපියල් 5000ක්

 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා ගෙන්වීමට ඇමරිකන් ඩොලර් මිලියන 110ක් වෙන් කිරිම සහ වගාවට අවශ්‍ය යූරියා පොහොර සැපයීම සහතික කිරීම
 ඉදිරියේදී හිඟයකින් තොරව ගෘහස්ත ගෑස් අවශ්‍යතාව සපුරාලීම
 ආර්ථික ස්ථායිතාව ඇති කිරිම හා ආර්ථික වර්ධන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීමට සංශෝධන හා නව නීති ප්‍රතිසංස්කරණ යෝජනා හඳුන්වාදීම
 ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමි වූ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත (TEWA) වෙනුවට තාත්වික යාන්ත්‍රණයක් හඳුන්වාදීම
 කුඹුරු හෙක්ටයාර් 2ක් හෝ ඊට අඩුවෙන් වී වගා කිරීම සඳහා රාජ්‍ය බැංකු වෙතින් ලබාගත් වගා ණය කපා හැරීම
 යොවුන් කෘෂිකාර්මික සමාගම් (Youth Agricultural Companies) යෞවන සමාජ 331ක ක්‍රියාත්මක කිරීම
 දේශීය කෘෂිකාර්මික සංවර්ධන අගය දාම වැඩසටහන ශක්තිමත් කිරීම
 දේශීය කිරි නිෂ්පාදන නංවාලීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම හිඟයකින් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට පියවර ගැනීම
 රජයේ ඉඩම් ඵලදායීව භාවිතා කිරීම සඳහා රැකියා විරහිත තරුණ තරුණියන් යොදා ගැනීමට වැඩපිළිවෙළක්
 ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක්
 පර්යේෂණ හා සංවර්ධන අංශ වැඩිදියුණු කිරීමට පියවර
 දේශීය විශ්වවිද්‍යාල හා තාක්ෂණික ආයතනවල සහාය ඇතිව පර්යේෂණ හා සංවර්ධන ප්‍රවර්ධනය සහ වාණිජකරණය සඳහා යාන්ත්‍රණයක්
 කෘෂිකාර්මික නිෂ්පාදන කල්තබා ගැනීම සහ අළෙවි කර ගැනීම සඳහා ආහාර ඇසුරුම් කිරීමේ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට පියවර

 ආහාර ඇසුරුම් කිරීමට උසස් තාක්ෂණය සහිත උපකරණ ආනයනය කිරීමට බදු සහන

 ලබන වසරේ සංචාරකයින් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කයක්. ඉහළ වියදම් දැරීමේ හැකියාවක් ඇති සංචාරකයින් (High-end tourists) ආකර්ශණය කර ගැනීමට විශේෂ වැඩසටහනක්

 දේශගුණික බලපෑම අවම කර ගැනීමට පරිසර අමාත්‍යාංශය හරහා පහසුකම්

 විදේශ සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීමට පෞද්ගලික ආයෝජන දිරි ගැන් වේ.

 තොරතුරු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ශාඛා විශ්ව විද්‍යාල පිහිටුවීමට පහසුකම්

 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපිත කිරීම

 නිපුණතා පදනම්ව නව රැකියා ලබා ගැනීමට පහසුකම් සැලසීම

 රාජ්‍ය අංශයේ තෝරාගත් වෘත්තීය පුහුණු ආයතනවල සේවකයින්ට NVQ සහතික

 ක්ෂුද්‍ර පරිමාණයේ ස්වයං රැකියාවල නියැලී සිටින ප්‍රජාවගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීම

 සැපයුම් දාම කාර්යක්ෂම කිරීමේ මූලික පියවරක් ලෙස එළවලු සහ පළතුරු ප්‍රවාහනය සඳහා සැලසුම්සහගතව දුම්රිය යොදා ගැනීම. එහි ආරම්භක පියවරක් ලෙස හාලිඇල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා එළවළු, පළතුරු
හා අනෙකුත් නිෂ්පදාන ප්‍රවාහනය කිරීමට අදාළ පහසුකම් සහිත දුම්රියක් යෙදවීම

 දුම්රිය සේවයේ ගුණාත්මක භාවය හා ආරක්ෂාව වැඩි කිරීම සඳහා පෞද්ගලික ආයෝජන ලබා ගැනීම. එහි ආදර්ශ වැඩසටහනක් ලෙස කැළණිවැලි දුම්රිය සේවාව සංවර්ධනය කිරීම
 අපනයන සහ අපනයන අරමුණ කරගත් ඝෘජු විදේශ ආයෝජන වැඩි කිරීමට කලාපීය සහ ගෝලීය සැපයුම් දාමයන් වෙත පිවිසීමට අවධානය

 වෙළෙඳ බාධක ක්‍රමානුකූලව ඉවත් කිරීම නිසා බලපෑමට ලක්වන කර්මාන්ත හා සේවකයන්ට සහාය වීම සඳහා වෙළෙඳපොළ ගැළපුම් වැඩසටහනක් හඳුන්වාදීම

 අඩු පිරිවැයෙන් විදුලි උත්පාදනය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පුළුල් කිරීම

 ඉඩම්වලට සින්නක්කර ඔප්පු ක්‍රමයක්

 එතෙර ශ්‍රි ලාංකිකයන් සඳහා වන කාර්යාලයක් පිහිටුවීම

 විදුලි පාපැදි නිෂ්පාදනය දේශීය කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. අවශ්‍ය ආනයනික කොටස්වලට බදු සහන

 ආයතනික පාලනය ශක්තිමත් කිරීම හා දුෂණයට එරෙහිව කටයුතු කිරීමට පුළුල් නෛතික රාමුවක් සකස් කිරීම

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-30

පුවත්

Most popular