Presidential Secretariat of Sri Lanka

ජනපති කොත්මලේ මහවැලි මහසෑය චෛත්‍යාරාමය වැඳ පුදා ගනී

නාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) පස්වරුවේ කොත්මලේ මහවැලි මහසෑය පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

එහිදී කොත්මලේ මහවැලි මහසෑය භාරකාර විහාරාධිපති පූජ්‍ය තිස්පනේ ජිනානන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

පුදිබිමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සංවර්ධන කටයුතු සොයා බැලූ ජනාධිපතිවරයා අනතුරුව පූජ්‍ය තිස්පනේ ජිනානන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

දිවංගත ගාමිණි දිසානායක මහතාගේ සංකල්පයකට අනුව මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ 1980 දශකයේ මුල් භාගයේ ඉදිකිරීම් ආරම්භ කළ කොත්මලේ මහවැලි මහසෑය මෙරට විශිෂ්ඨ නිර්මාණයකි.

හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular