Presidential Secretariat of Sri Lanka

ජනපති ලන්ඩනයේ බෞද්ධ විහාරය වැඳ පුදා ගනී

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07) ලන්ඩනයේ බෞද්ධ විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

අනතුරුව ලන්ඩන් බෞද්ධ විහාරාධිපති, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආශිර්වාද පළ කළහ.
ලන්ඩන් බෞද්ධ විහාරය වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් සමඟ ද ජනාධිපතිවරයා සුහද කතා බහක නිරත විය.

පුවත්

Most popular