Presidential Secretariat of Sri Lanka

OGP වැඩ කරන්නේ කෙසේද

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයෙහි ක්‍රියාකාරිත්වය කෙබඳුද?
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය යටතේ ඊට සහභාගි වන සියලු රටවල් සිවිල් සමාජය හා සහයෝගයෙන් යහපාලන මූලාරම්භයන් ක්‍රියාත්මක කිරීම සඳහා වසර දෙකක ජාතික ක්‍රියාකාරී සැලැස්ම නිර්මාණය කිරීම අවශ්‍ය වේ. විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව මාර්ගෝපදේශයන්ට අනුව එම ජාතික ක්‍රියාකාරී සැලැස්ම පහත සඳහන් හරයන් මත පදනම්ව පුරවැසියන්ගේ සහ සිවිල් සමාජයේ සක්‍රීය සහභාගිත්වය ඇතිව බහු පාර්ශ්ව ක්‍රියාවලියක් ඔස්සේ සිදු විය යුතුය.

  • යම් තීරණයක බලපෑමට ලක්වන පිරිසට තීරණ සම්පාදන ක්‍රියාවලියට දායක වීමට අයිතියක් ඇති බවට වන විශ්වාසය මත පදනම්ව මහජන සහභාගිත්වය.
  • මහජන සහභාගිත්වය මහජනයාගේ දායකත්වය තීරණය කෙරෙහි බලපානු ඇති බවට වන පොරොන්දුව ඇතුළත්ය.
  • තීරණ සම්පාදකයින් ඇතුළු සහභාගි වන සියලු දෙනාගේ අවශ්‍යතාවයන් සහ අභිලාෂයන් හඳුනාගැනීම සහ සන්නිවේදන කිරීම මගින් මහජන හවුල්කාරිත්වය තිරසර තීරණ ප්‍රවර්ධනය කරයි.
  • මහජන සහභාගිත්වය යම්කිසි තීරණයක බලපෑමට යටත්විය හැකි හෝ එවැන්නකට පක්ෂ වන පුද්ගලයින්ගේ සහභාගිත්වය අපේක්ෂා කරන අතරම, ඊට පහසුකම් සපයයි.
  • මහජන සහභාගිත්වය සහභාගිත්වය කෙබඳු විය යුතු ද යන්න සැලසුම් කිරීම සඳහා සහභාගිවන්නන්ගෙන් යෙදවුම් අපේක්ෂා කරයි.
  • මහජන සහභාගිත්වය අර්ථාන්විත ආකාරයට සහභාගිවීම සඳහා සහභාගි වන්නන්ට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරයි.
  • මහජන හවුල්කාරිත්වය, සහභාගි වන්නන්ට ඔවුන්ගේ යෙදවුම් තීරණය කෙරෙහි බලපෑ අන්දම සන්නිවේදනය කරයි.