ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (11) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේය.
ශ්‍රී දළදා මාළිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිළමේ නිලංග දෑළ මහතා විසින් පිළිගනු ලැබිණ.
ජනාධිපතිතුමා දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් පසු පැමිණ සිටි ජනතාව සමඟ සුහද කතාබහක නිරත වූයේය.
මහින්දාන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුවැල්ල, එස්.බී දිසානයක ලොහාන් රත්වත්ත, දිලුම් අමුණුගම, ආනන්ද අලුත්ගමගේ, අනුරාධ ජයරත්න යන මැති ඇමතිවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.