Presidential Secretariat of Sri Lanka

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1456 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1456 ඉක්මවා තිබේ.

සුරාබදු දොපාර්තමේන්තුව රුපියල් 3,500,000ක්, එන්.ඩබ්. සිතුමි සාවින්දි දියණිය රුපියල් 5,000ක්, එච්.ජී. පුෂ්පා මහත්මිය රුපියල් 5,000ක් සහ කේ.ජී. අභයවර්ධන මහතා රුපියල් 5,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ. අදාළ චෙක්පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

අලදෙණිය එක්සත් පුරාණ බෝධි සංවර්ධන සමිතිය රුපියල් 1,000,000ක්, මහාචාර්ය නාරද වර්ණසූරිය මහතා රුපියල් 200,000ක්, ඒ.ඩබ්.ජේ. නිශාන්ත මහතා රුපියල් 777ක්, පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 57,000ක්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්.වයි.කේ. උඩවෙල මහත්මිය රුපියල් 20,000ක්, මීරිගම රාජපක්ෂ උකස් මධ්‍යස්ථානය රුපියල් 500,000ක්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීහූ රුපියල් 33,580.18ක්, එච්.පී.ජී.එස්. ප්‍රේමරත්න මහතා රුපියල් 10,048.33ක්, ඩී.එස්. අමරසිංහ මහතා රුපියල් 1,000ක්, අපනයනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රුපියල් 940,415.89ක්, මුදල් කොමිෂන් සභාව රුපියල් 43,598ක් සහ ජොස්ලින් ගම්මැදගේ මහත්මිය රුපියල් 200,000ක් පරිත්‍යාග කළහ.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,456,865,619.45 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

පුවත්

Most popular